vidusara gedara vidyagaraya

vidusara gedara vidyagaraya
විදුසර ගෙදර විද්‍යාගාරය විශේෂාංයේ පලවන ලිපි වැඩිදුරටත් කියවන්න.
gedaravidyagaraya.blogspot.com

Wednesday, January 20, 2016

ගෙදරදීම ස්ටර්ලින් (Stirling) එන්ජිමක් සාදා ගන්නා ආකාරය


මෙම ලිපි පෙලේ අරමුණ වන්නේ ගෙදර දොර අපට පහසුවෙන් සොයා ගත හැකි උපාංග හා උපකරණ භාවිතා කර විවිධ නිර්මාණ කටයුතු සිදු කිරීම සම්බන්ධව උපදෙස් සැපයීමයි.ඒ අනුව මෙම ලිපියෙන් විස්තර කරන්නේ වායුවක උෂ්ණත්ව වෙනස නිසා ඇති වන බලයෙන් ක්‍රියා කරන ස්ටර්ලින්(Stirling) එන්ජිමක් ගෙදරදී සාදා ගන්න ආකාරයයි.

අවශ්‍ය ද්‍රව්‍ය

සමාන කෝලා බීම කෑන්  2 ක්.
ප්ලාස්ටික් කෝප්පයක් (මාජරීන් කප් එකක් වැනි)
රබර් බැලූනයක්
ස්ටීල් වූල් 2-3 ක් .(භාජන පිරිසිඳු කිරීමට ගන්නා)
බයින්ඩින් කම්බි  හා සිහින් කම්බි
ප්ලාස්ටික් මූඩියක්
ඉටි පන්දමක්
කාඩ්බෝඩ් කැබැල්ලක්
ගම් (සපත්තු ඇලවීමට ගන්නා)
තැටියක් (ටින් පියනක් )
රබර් පටි කිහිපයක්

1. 1-රූපයේ ආකාරයට A කෑනය යටින් කපා ගන්න.විශාල සිදුරක්ද කෑනය මැදින් සාදා ගන්න.පසුව B කෑනයේ විවරය සහිත ඉහල කොටස (රූපයේ කළු පැහැ කොටස) කපා ඉවත් කර ගන්න.
2. මාජරීන් කප් අඩියේ කෑනයක් රිංගවිය හැකි අයුරින් හරි රවුම් සිදුරක් කපා ගන්න.2-රූපයේ ආකාරයට B කෑනයේ ඉහලට වන්න මාජරීන් කප් එක රිංගවා සවිකර ගන්න.පසුව සිදුරේ දාරය හා කෑනය අතරට ඉටිපන්දම් ඉටි වත්කර ජලය කාන්දු නොවන පරිදි මුද්‍රා කරන්න.

3.ස්ටීල් වූල් ගෙන ඒවා දිග හැර 3-රූපයේ ආකාරයට සිලින්ඩරයක් ආකාරයට ඔතා  මැදින් බයින්ඩින් කම්බි කූරක් යවා වූල් සිලින්ඩරයට තදින් සවි කරගන්න. එම කම්බි කූරේ ඉවතට පැමිණි කෙලවර පුඩුවක් ආකාරයට නමා සාදාගන්න..
(මෙම වූල් සිලින්ඩරය කෑන් එක තුල හොඳින් එහා මෙහා යා යුතු අතර කෑනයක උසින් 2/3 කට වඩා අඩු විය යුතුයි.)

4.ප්ලාස්ටික්  බෝතල් මූඩිය 4-රූපයේ ආකාරයට උඩින් හා දෙපැත්තෙන්  සිදුරු කර ගන්න.
5.රබර් බැලුනය ගෙන 5-රූපයේ අනුව එහි විවරය සහිත කොටස කපා ඉවත් කරන්න.
6.බැලූනයේ ඉතිරි කොටසේ විවරය ඇති පැත්තට විරුද්ධ පැත්තේ පිටතින් කාඩ්බෝඩ් කැබැල්ල අලවා ඒ මත මූඩිය අලවා ගන්න.ඉන්පසු සිහින් කම්බි කූරක් (තංගුස් නූල් වැනි)මූඩිය යටසිදුරෙන් බැලුම සිදුරු කර කාඩ්බෝඩ් කැබැල්ල හරහා යවන්න.බයින්ඩින් කම්බි කූරු 2ක්මූඩියේ  දෙපැත්තේ සිදුරු වලට තදින් ඈඳා ගන්න.
(ඉදිරි  පියවර වල පහසුව තකා  තරමක් දිග කම්බි කොටස් අමුණා ගන්න.)

7. බයින්ඩින් කම්බි කූරක් ගෙන 7-රූපයේ ආකාරයට අඬුවක් ආධාරයෙන් නවා ගන්න.( මේ සඳහා තරමක් වැඩි ගනකම ඇති කම්බියක් තෝරා ගන්න.)

8.8-රූපයේ ආකාරයට වූල් සිලින්ඩරය පියන රහිත කෑනයට ඇතුල් කර බැලුන් පටලය හරහා දැමූ සිහින් කම්බිය වූල් සිලින්ඩරයට  අමුණන්න.ඉන්පසු රබර් පටලයෙන් කෑනයේ විවරය වසා රබර් පටි වලින් තදින් ගැට ගසන්න.

9. 9-රූපයේ පරිදි A කෑනයේ ඉහලට වන්නට සිදුරක්ද ඊට විරුද්ධ පසින් තවත් සිදුරක්ද විද නවාගත් දැඩි කම්බි කූර නිදහසේ කරකැවෙන ආකාරයට කෑනය තුල සවි කරගන්න.(මෙය තරමක් ඉවසීමෙන් නැමුම් දිග නොහැරෙන ලෙස කරන්න.)
ඉන් පසු කෑන් A කෑනය ,B කෑනය උඩින් රූපයේ පරිදි හොඳින් සවි කරගන්න.
පසුව කම්බි කූරේ නැමුම් රූපයේ ආකාරයට මූඩියේ කම්බි වලට අමුණන්න.මූඩියේ එක් එක් කම්බිය අමුණන විට එයට අදාළ නැමුම ඉහලට සිටින පරිදි ප්‍රධාන කම්බිය කරකවා අනෙක් කම්බි අමුණන්න.තවද ප්‍රධාන කම්බිය නිදහසේ කරකැවීම සඳහා මූඩියේ  කම්බි වලින් පුඩු සාදා ප්‍රධාන කම්බියට අමුණන්න[9-රූපයේ කුඩා රූපයේ ආකාරයට].අවසානයේ ප්‍රධාන කම්බි කූරට තැටිය සවි කර , මාජරීන් කප් එකට ජලය පුරවා යටින් ඉටිපන්දම් ආධාරයෙන් රත් කරගන්න.

සැ .යු.-තියුණු උපකරණ හා ගින්දර භාවිතයේදී සැලකිලිමත් වන්න.
            තැටියේ දාරයට බරක් ඇලවීම මඟින් එන්ජිම නොකඩවා ධාවනය කල හැක.එන්ජිම නිසි පරිදී ක්‍රියාත්මක නොවේ නම් කම්බි කූරේ නැමුම්  කෝණ , තැටියේ බර වෙනස් කිරීම , වූල් සිලින්ඩරයේ විෂ්කම්භය වෙනස් කිරීම , ඉටි පන්දම් කිහිපයක් යොදා රත් කිරීම වැනි සීරුමාරු කර බලන්න.