vidusara gedara vidyagaraya

vidusara gedara vidyagaraya
විදුසර ගෙදර විද්‍යාගාරය විශේෂාංයේ පලවන ලිපි වැඩිදුරටත් කියවන්න.
gedaravidyagaraya.blogspot.com

Thursday, March 17, 2016

සෝඩා රොකටය



රොකට්ටුවක් යනු ඉතා අධික වේගයකින් ඉහලට ගමන් කරන යානයකටයි.එවැනි රොකට්ටුවක් සෑදීම එතරම් ලෙහෙසි වැඩක් නෙමෙයි.ඒ නිසා අද ගෙදර විද්‍යාගාරයෙන් ඔබට ඉදිරිපත් කරන්නේ සැබෑ රොකට්ටුවක ක්‍රියාව ආදර්ශනය කල හැකි ආදර්ශ රොකට්ටුවක් සාදා ගන්න ආකාරයයි.


අවශ්‍ය දේවල්
1.මිලිලීටර 500 ප්ලාස්ටික් බීම බෝතලයක්
2.තුනී කාඩ්බෝඩ් කැබැල්ලක්(බ්‍රිසල් බෝඩ්)
3.ගනකම් කාඩ්බෝඩ් කැබැල්ලක්.
4.බෝතලය ඇතුල් කලහැකි PVC බටයක් (අඩි  2ක් පමණ දිග)
5.රබර් බැලුමක්
6.විනාකිරි කෝප්පයක් පමණ (බෝතලයෙන් 1/3ක් පමණ)
7.ආප්ප සෝඩා (බේකින් පව්ඩර්) මේස හැඳි 4ක් පමණ
8.රබර් පටියක්  

1.පළමුවෙන්ම තුනී කාඩ්බෝඩ් කැබැල්ල අරගෙන 1-රූපයේ දැක්වෙන ආකාරයට කේන්ද්‍රික ඛණ්ඩයක් කපා ගන්න.ඉන්පසුව එය කේතුවක් ආකාරයට (ගොටුවක් ආකාරයට) නමා අලවා ගන්න.

2.2-රූපයේ දැක්වෙන ආකාරයට සෙන්ටි මීටර දහයක් පමණ උස ආධාරක කැබලි තුනක් ගනකම් කාඩ්බෝඩ් කැබැල්ලෙන් කපා ගන්න.

3.රබර් බැලූනය ගෙන 3-රූපයේ ආකාරයට එහි විවරයට මඳක් පහලින් කපා වෙන් කරගන්න.ඉන්පසු රබර් බැලූනයේ විවරයට විරුද්ධ පැත්තේ යටින් ඉඳිකටුවක් ආධාරයෙන් සිදුරු කර ගන්න.එම සිදුර  පැහැදිලිව පෙනෙන ආකාරයට ෆෙල්ට් පෑනකින් එම ස්ථානය සලකුණු කරගන්න.  
4.පසුව 4-රූපයේ ආකාරයට බෝතලයේ යට පැත්තේ (අඩිය ඇති පැත්තේ) කලින් සකස් කර ගත් කාඩ්බෝඩ් කේතුවද ,බෝතලයේ ඉහල කොටසේ පැත්තට වන්නට ගනකම් කාඩ්බෝඩ් ආධාරක තුනද  බෝතලයට අලවා ගන්න.

දැන් අපි රොකට්ටුව සාදාගෙන අවසන්.මීළඟට හදන්න තියෙන්නේ රොකට් අංගනයයි.

5.5-රූපයේ ආකාරයට PVC බටය අංශක 60ක් පමණ ආනතව සිටින පරිදි ලී කරුවක් ආධාරයෙන් පොළවේ සිටුවා ගන්න.

දැන් රොකට්ටුව ගුවන් ගත කිරීමට අවශ්‍ය සියලුම දේවල් සාදාගෙන අවසන්.මේ රොකට්ටුව බොහොම වේගයෙන් ගමන් කර එකක්.ඒ නිසා ආරක්ෂක උපදෙස් පිළිපැදීම වැදගත් වනවා.

ආරක්ෂක උපදෙස්



*රොකට්ටුව ගුවන් ගත කිරීම සඳහා හොඳින් ඉඩකඩ ඇති ස්ථානයක් යොදා ගත යුතුයි.

*රොකට්ටුව කිසිම පුගලයෙකු එල්ල කර ක්‍රියාත්මක නොකළ යුතුයි.

*රොකට්ටුව ක්‍රියාත්මක කල පසු රොකටයේ ක්‍රියාකරු, රොකට්ටුවේ පිටුපස පැත්තේ සිට මීටර 5ක් වත් දුරින් සිටිය යුතුයි.

*රොකට්ටුව ක්‍රියාත්මක වීමට තරමක් කාලය ගත වන බැවින්,ක්‍රියාත්මක කල පසු ලඟට ගොස් පරික්ෂා කිරීමෙන් වලකින්න.

*ඇස් වල තවරා ගැනීමෙන් වලකින්න.

*සැමවිට දැනුමැති වැඩිහිටියෙකුගේ සහයෝගය ලබා ගන්න.

6.පළමුව බෝතලයෙන් 1/3ක් පමණ පිරෙන පරිදි විනාකිරි වත් කරන්න.


7.පොලිතීන් කැබැල්ලක් ගෙන ආප්ප සෝඩා එම පොලිතීන් කැබැල්ලට හලා එය ටික වෙලාවකින් දිග හැරෙන ලෙස කිහිප සැරයක් නවා ගන්න. ඉන්පසුව එය බෝතලයට ප්‍රවේසමෙන් ඇතුල් කරන්න.

8.දැන් ඉක්මනින්  4-රූපයේ ආකාරයට සිදුරු කර සකස් කර ගත් බැලූන් පටලය බෝතලයේ විවරය වැසෙන පරිදි දමා රබර් පටි ආධාරයෙන් තද කරගන්න(බැලූනයේ  සිදුර හරි මැද පහලින් තිබිය යුතුයි).ඉන්පසු රොකටය අටවා ගත PVC බටය තුලට දමා ඈතට වී රොකටය නිරීක්ෂණය කරන්න.

වීඩියෝ සහ වැඩිදුර උපදෙස් මෙතැනින් ලබාගන්න.

සෝඩා රොකටයේ ක්‍රියාකාරීත්වය

මෙම සෝඩා රොකටය ඉහලට ගමන් කිරීමට අවශ්‍ය බලය සැපයෙන්නේ එය තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවකින්ය.සෝඩියම් බයිකාබනේට් සහ විනාකිරි වල ඇති ඇසිටික් අම්ලය එකිනෙක ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් නිපදවයි.එම කාබන් ඩයොක්සයිඩ් බෝතලය තුල එකතු වී එක්වරම පහලට විදීම නිසා ඇති වන තෙරපුම් බලය රොකට්ටුව ගමන් අවශ්‍ය බලය සපයයි.