vidusara gedara vidyagaraya

vidusara gedara vidyagaraya
විදුසර ගෙදර විද්‍යාගාරය විශේෂාංයේ පලවන ලිපි වැඩිදුරටත් කියවන්න.
gedaravidyagaraya.blogspot.com

Thursday, March 3, 2016

ලිට්මස් කඩදාසි ගෙදරදීම හදමු




ලිට්මස් කඩදාසි ජලීය ද්‍රාවණ වල ආම්ලිකතාව හෝ භාෂ්මිකතාව මැනීමට  භාවිතා කෙරෙනවා.ඒම කඩදාසි නිල් ලිට්මස් සහ රතු ලිට්මස් ලෙස වර්ග දෙකක් පවතින අතර නිල් ලිට්මස් ආම්ලික ද්‍රාවණ වලදී රතු පැහැයටත් රතු ලිට්මස් භාෂ්මික ද්‍රාවණ වලදී නිල් පැහැයටත් හැරෙනවා. අද ලිපියෙන් විස්තර කරන ලිට්මස් කඩදාසි යම් ද්‍රාවණයකට දැමු විට එම ද්‍රාවණය ආම්ලික නම් කඩදාසිය රතු පැහැයටත් ද්‍රාවණය භාෂ්මික නම් කඩදාසිය නිල් පැහැයටත් හැරෙනවා.වර්ණයේ තීව්‍රතාව මත එම ද්‍රාවණයේ pH  අගය තීරණය කල හැකි අතර ඒ සඳහා උපයෝගී කර ගතහැකි වර්ණ සැසඳුම් වගුවකුත් ලිපිය අවසානයේ දැක්වෙනවා.

අවශ්‍ය දේවල්
1.රතු ගෝවා ග්රෑම් 250ක්.(සුපිරි වෙළඳසල් වලින් ගන්න පුළුවන්.)
2.ටී බෑග් 3ක්.(A රූපයබලන්න)
3.සාස්පානක්




A රූපය

4.පෙනේරයක්

1.පළමුවෙන්ම රතු ගෝවා ටික 1-රූපයේ ආකාරයට කුඩා කැබලි වලට කපා ගන්න.
2.කපාගත් ගෝවා කැබලි ටික සාස්පානට දමා වතුර ස්වල්පයක් එකතු කර ජලය නටන තුරු රත් කරන්න.
3.ද්‍රාවනය හොඳින් නිවුණු පසු 2-රූපයේ ආකාරයට පෙනේරය ආධාරයෙන් ගෝවා කැබලි ටික පෙරා ඉවත් කර ද්‍රාවනය පමණක් ඉතුරු කර ගන්න.
4.ටී බෑග් ගෙන ඒවා උඩින් කපා තේ කොළ ඉවත් කර ගන්න.
5.හිස් ටී බෑග්,සෙන්ටිමීටරයක් පමණ පළල තීරු වලට කපා ගන්න.
6.අවසානයේ කඩදාසි තීරු, 3-රූපයේ ආකාරයට කලින් සකස් කරගත් ද්‍රාවණයේ හොඳින් පොඟවා, වියලා ගන්න.
මෙලෙස සාදා ගත් ලිට්මස් කඩදාසි  දෙහි යුෂ, සබන් දියර වැනි විවිධ ද්‍රාවණ  වල ගිල්වා කඩදාසියේ ඇති වන වර්ණය පහත වගුවෙන් සසඳා ද්‍රාවණ වල pH අගය නිර්ණය කරන්න.