vidusara gedara vidyagaraya

vidusara gedara vidyagaraya
විදුසර ගෙදර විද්‍යාගාරය විශේෂාංයේ පලවන ලිපි වැඩිදුරටත් කියවන්න.
gedaravidyagaraya.blogspot.com

Wednesday, February 10, 2016

සබ්මැරීනයක් හදමු



සබ්මැරීනයක් යනුවෙන් අප හඳුන්වන්නේ ජලය තුල ගමන් කල හැකි යාත්‍රාවකටයි.එලෙස ජලය තුල ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය බලය අවර පෙත්තක් කරකැවීමෙන් ලබා ගන්න නමුත් ජලය තුල නිවැරදිව ගිලී පාවීමට සබ්මැරීන ජලයේ උඩුකුරු තෙරපුම උපයෝගී කර ගන්නවා.සබ්මැරීනය තුල ඇති ටැංකි වලට ජලය පිරවීම මගින් සබ්මැරීන ජලයේ ගැඹුරට ගමන් කරන අතර ටැංකි හිස් කිරීම මඟින් නැවත ජලය මතුපිටට පැමිණෙනවා.එලෙස ජලය පුරවන විට හා ඉවත් කරන විට සබ්මැරීනයේ සඵල ඝනත්වය වෙනස් වේ.


 
 අද ලිපියෙන් විස්තර එලෙස ජලය තුල ගමන් කරන ආදර්ශ සබ්මැරීනයක් සාදා ගන්න ආකාරයයි.

අවශ්‍ය දේවල්
1.ප්ලාස්ටික් මෙගා බීම බෝතලයක්
2.කුඩා ප්ලාස්ටික් බීම බෝතලයක් (මිලිලීටර 500)
3.රබර්පටි 8ක්
4.පේපර් ක්ලිප් දෙකක්
5.කුඩා අඩි රූලක් (අඟල් 6)
6.පබළු ඇටයක්

1.පළවෙනි රූපයේ ආකාරයට කුඩා ප්ලාස්ටික් බෝතලය අඩියේ සිට අඟල් 2  ½ ක පමණ උසින් කපා වෙන් කර ගන්න.
2.ඉන්පසු එම කපා වෙන් කර ගත් බෝතල් අඩිය 2-රූපයේ කඩ ඉරි මඟින් දක්වා ඇති ආකාරයට සෑම නෙරුමකම මැදින් යන ලෙස දිගටම කපා වෙන් ගන්න.පසුව එහි හරි මැදින් හා මඳක් පැත්තෙන් රූපයේ කළු පැහැ තිත් මඟින් දක්වා ඇති ස්ථාන වල සිදුරු දෙකක් විදගන්න.

3.ලොකු ප්ලාස්ටික් බෝතලය ගෙන එහි අඩියේ හරි මැදින් හා මූඩියේ හරි මැදින් සිදුරක් බැගින් විද ගන්න.බෝතලයේ අඩියේ විදින ලද සිදුරට සෙන්ටිමීටර 2ක් පමණ ඈතින් තවත් සිදුරක් විද ගන්න.
4.3-රූපයේ ආකාරය රබර් පටි 6ක් එකිනෙක පටලවා දම්වැලක් ආකාරයට සම්බන්ධ කර ගන්න.
5. පේපර් ක්ලිප් එකක් ගෙන  4-රූපයේ ආකාරයට විශාල බෝතලයේ අඩියට සම්බන්ධ කර ගන්න.එලෙස සවි කිරීමේදී කලින් විද ගත් සිදුරු දෙක උපයෝගී කර ගන්න.
6. මූඩිය ගෙන හරි මැදින් සිදුරක්  විද ගන්න.ඉන්පසු 5-රූපයේ ආකාරයට කපාගත් අවර පෙත්ත පේපර් ක්ලිප් එකක් ආධාරයෙන් මූඩියට සවි කර ගන්න.එලෙස සවි කිරීමේදී පබළු ඇටයද ඒ මැදින් සවි කර ගන්න.
7.  6-රූපයේ ආකාරයට අඩි රූල විශාල ප්ලාස්ටික් බෝතලය මැදින් තබා රබර් පටි දෙකකින් තදින් ගැට ගසා ගන්න.
8.ඉන්පසු 6 වැනි පියවරේදී සකස් කර ගත් මූඩිය සහිත ඇටවුමේ පේපර් ක්ලිපය සහ විශාල බෝතලය තුල සවි කල පේපර් ක්ලිපය, රබර් පටි දාමය මඟින් සම්බන්ධ කර ගන්න.බෝතලයෙන් කාලක් පමණ ජලය පුරවා අවර පෙත්ත සහිත මූඩිය ඊට සවි කරන්න.(7-රූපය බලන්න.)
9.අවසානයේ අවර පෙත්ත අතින් වට කිහිපයක් කරකවා(සෙල්ලම් බඩු වයින් කරන ආකාරයට), සබ්මැරීනය ජලයට මුදා හරින්න.