vidusara gedara vidyagaraya

vidusara gedara vidyagaraya
විදුසර ගෙදර විද්‍යාගාරය විශේෂාංයේ පලවන ලිපි වැඩිදුරටත් කියවන්න.
gedaravidyagaraya.blogspot.com

Wednesday, February 24, 2016

මෝස් කෝඩ් ට්‍රාන්ස්මීටරය


මෝස් කේත ක්‍රමය කියන්නේ කෙටි නාද සංඥාවක් සහ දිග නාද සංඥාවක් විවිධ ආකාරවලට සංකලනය කර ඉංග්‍රීසි හෝඩියේ අකුරු සහ ඉලක්කම් නිරූපණය කරන කේත ක්‍රමයකටයි.මෙම සටහනේ දිග ඉරි කැබැල්ලකින් දිග බීප් ශබ්දයකුත් කෙටි ඉරි කැබැල්ලකින් කෙටි බීප් ශබ්දයකුත් දැක්වෙනවා (රූපය බලන්න) .මෙම දිග හා කෙටි ශබ්දයන්ගේ අදාළ සංකලන සිදු කිරීම මඟින් එම ශබ්ද සංකලනයට අනුරූප අකුර සන්නිවේදනය කිරීමේ හැකියාව පවතිනවා.මෙය තරමක් ප්‍රගුණ කල යුතු ක්‍රියාවලියක් නිසාත් පරිගණකය හා ඉලෙක්ට්‍රොනික කටයුතු පිලිබඳ දැනුමක් ලබා ගැනීමටත් මෙම මෝස් කෝඩ් ට්‍රාන්ස්මීටරය පරිගණකය ආශ්‍රයෙන් නිර්මාණය කරමු.

අවශ්‍ය දේවල්
1.ඔබේ පරිගණකය (Serial Port එකක් තියෙන්න ඕනේ.නැත්නම් USB to Serial Converter එකක් යොදා ගන්න.)
2.1MHz Oscillator එකක් (ගුවන් විදුලි/රූපවාහිනී අලුත්වැඩියා කරන ස්ථානයකින් ලබා ගන්න පුළුවන්.)
3.serial කේබල් එකක් (අවශ්‍යම නැහැ)
4.මීටර භාගයක් පමණ දිග වයර් කැබැල්ලක්
5.AM හෝ AM/FM රේඩියෝවක්(ගෙදර තියෙන ගුවන් විදුලිය භාවිතා කරන්න පුළුවන් හැබැයි AM පරාසය සහිත)
1-රූපයේ දැක්වෙන්නේ Serial Port එකක්.මුලින්ම එහි තිබෙන Pin ටික හඳුනා ගන්න වෙනවා.වම් පැත්තේ සිට ක්‍රමානුකූලව එම පින් අංක කර ඇති අතර එම අංකය මඟින් එයට අදාළ පින් එක හැඳින්වවෙනවා.

1.2-රූපයේ ආකාරයට 4 වෙනි පින් එකට සහ 5වැනි පින් එකට වයර් කැබලි දෙකක් අමුණා ගන්න.එලෙස ඇමිණීමේදී අනෙක් පින්වල වයර් කැබලි නොගෑවීමට වග බලා ගන්න.
3-රූපයේ දැක්වෙන්නේ ඔසිලේටරයයි.එහි ඉහලින් බැලූ විට එක කෙළවරක කුඩා කළු පැහැති තිතක් දක්නට ලැබේවි.ඊට පහලින් ඇත්තේ ඔසිලේටරයේ පලවෙනි පින් එකයි.රූපය නිරීක්ෂණය කර අනෙක් පින් හඳුනා ගන්න.
3.ඉන්පසු Serial Port එකේ 4 වැනි පින් එකට ඇමිණු වයරය ඔසිලේටරයේ 4 වැනි පින් එකටත්, Serial Port එකේ 5 වැනි පින් එකට ඇමිණු වයරය ඔසිලේටරයේ 2 වැනි පින් එකටත් අමුණන්න.

4.ඔසිලේටරයේ 3 වැනි පින් එකට ඇන්ටෙනාවක් ලෙස ක්‍රියා කිරීම සඳහා මීටර භාගයක් පමණ දිග වයර් කැබැල්ලක් අමුණා ගන්න.
5. ඉන්පසු AM රේඩියෝව 1000KHz සංඛ්‍යාතයට සුසර කරන්න.

6 මෘදුකාංගය මෙතනින් බාගන්න ඊට අදාළ settings පහත ආකාරයට සකස් කරන්න.
 7.අවසානයේ ඔසිලේටරයට සම්බන්ධ කරන ලද ඇන්ටෙනාව සහ රේඩියෝවේ ඇන්ටෙනාව තරමක් සමීපව තබා තමන් කැමති වචන පරිගණකයේ ටයිප් කර රේඩියෝවෙන් එයට අදාළ මෝස් කේතය ශ්‍රවනය කරන්න.