vidusara gedara vidyagaraya

vidusara gedara vidyagaraya
විදුසර ගෙදර විද්‍යාගාරය විශේෂාංයේ පලවන ලිපි වැඩිදුරටත් කියවන්න.
gedaravidyagaraya.blogspot.com

Wednesday, March 23, 2016

ශබ්දයේ වේගය මනිමු



ශබ්දය යනු වාතය හෝ ජලය වැනි මාධ්‍යයක යාන්ත්‍රික තරංගයක් ලෙස ප්‍රචාලනය වන කම්පනයකටයි.ශබ්ද තරංග, අදාළ ගමන් කරන  මාධ්‍යයේ  අංශු කම්පනය කිරීමෙන් සම්පීඩන හා විරලන ඇති වේ (රූපය බලන්න).එම සම්පීඩන හා විරලන නිසා හටගන්නා පීඩන වෙනස කන් බෙරයට ප්‍රතිග්‍රහණය වීමෙන් අපට ශබ්ද  ශ්‍රවණය කිරීමට හැකි වේ.

මුහුදු මට්ටමේදී සාමාන්‍ය වාතය තුල ශබ්දය තත්පරයට මීටර 340ක් පමණ වනවා. එහෙත් උෂ්ණත්වය වෙනස් වීම, ආර්ද්‍රතාවය වෙනස් වීම, වැනි කාලගුණ විපර්යාස නිසා මේ අගය වෙනස් විය හැකියි.

අද ගෙදර විද්‍යාගාරයෙන් ඉදිරිපත් කරන්නේ තමන්ගේ නිවස අවට පරිසරයේදී ශබ්දයේ වේගය මැන ගන්න ක්‍රමයක්.මෙහිදී අපට පරිගණකයක් අවශ්‍ය වනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
1.මීටර 2ක් පමණ දිග PVC බටයක්.
2. පරිගණකයට සම්බන්ධ හැකි කුඩා මයික්‍රෝෆෝනයක්
3.මෘදුකාංගය (මෙතැනින් බාගන්න..) 
1.පළමුව 1-රූපයේ  ආකාරයට PVC බටය සිරස් අතට ආධාරක භාවිතයෙන් පොලොව මත රඳවා ගන්න.එහි උඩ කෙලවරේ මයික්‍රෝෆෝනයද  රඳවා ගන්න.
2.ඉන්පසු  පරිගණකයට මෘදුකාංගය ස්ථාපනය කර මයික්‍රෝෆෝනය පරිගණකයට සම්බන්ධ කරන්න.

දැන් අපේ පරීක්ෂණයට සියල්ල සූදානම්.පරීක්ෂණය පටන් ගමු.

3.2-රූපයේ රතු රවුමෙන් දැක්වෙන මෘදුකාංගයේ  වම් පස ඉහලට වන්නට ඇති record බොත්තම ඔබා ශබ්දය පටිගත කිරීම ආරම්භ කරන්න.පටිගත කිරීම ඇරඹු පසු ඉතා නිශ්ශබ්ද පරිසරයක් තිබිය යුතුයි.

4.දැන් මයික්‍රෝෆෝනයට මඳක් ඉහලින් වේගවත් නමුත් තරමක් ශබ්දයෙන් අඩු අත්පුඩියක් ගසන්න.
5.දැන්  කොටු ලකුණ සහිත බොත්තම ඔබා පටිගත කිරීම නවත්වන්න.
6.පටිගත කිරීමේදී නිර්මාණය වූ ප්‍රස්තාරය නිරීක්ෂණය කිරීමේදී ඔබේ අත්පුඩියේ ශබ්දයට අදාළ කොටස (ඉහල විස්තාරයක් සහිත කොටස) මවුසයෙන් සලකුණු කරන්න(highlight කරන්න). 3-රූපය බලන්න. 
7.දැන් තුන රූපයේ රතු පාට රවුමෙන් සලකුණු කර ඇති බොත්තම කිහිප වරක් එබීමෙන් ප්‍රස්ථාරයේ අත්පුඩියට අදාළ කොටස 4-රූපයේ ප්‍රමාණයට විශාලනය කර ගන්න (zoom කරගන්න).

8.දැන් ඔබට අත්පුඩියට අදාල ප්‍රස්ථාර කොටසේ 4-රූපයේ ආකාරයට මුදුන් සහිත ස්ථාන දෙකක් දැක ගැනීමට හැකි වේවි.ඉන් පළමු වැන්න ඔබේ අත්පුඩියේ ශබ්දය වන අතර දෙවැන්න අත්පුඩියේ ප්‍රති නාදයයි.(බටය තුලින් පොළොවේ වැදී ආපසු පැමිණි ශබ්ද තරංගයයි)

9.5-රූපයේ දැක්වෙන ආකාරයට මෘදුකාංගයේ යට දැක්වෙන length යන විකල්පය තෝරන්න.

10.දැන් තවත් zoom කර 5-රූපයේ දැක්වෙන ආකාරයට ඔබේ අත්පුඩියේ ශබ්දය ආරම්භ වන මොහොතත්, අනුනාදයේ ආරම්භක මොහොතත් අතර කොටස මවුසයෙන් සලකුණු කරන්න(highlight කරන්න).

11.5 -රූපයේ රතු පාට කුඩා  රවුමෙන් දක්වා ඇති කොටුවේ සටහන් වී ඇත්තේ ඔබ ප්‍රස්ථාරයේ සලකුණු කල කොටසේ කාල අන්තරයයි.

දැන් පරීක්ෂණය සිදු කර අවසන්.මීළඟට කල යුත්තේ ගණනය කිරීමයි.

ගණනය කිරීම
පළමුවෙන්  බටයේ දිග මැන ගන්න.එයින් අපට ශබ්දය ගමන් කල දුර සොයා ගත හැකියි.එහෙත් එම අගය දෙකෙන් වැඩි කල යුතුයි.ඒ ශබ්දය 6-රූපයේ පරිදී බටයේ දිග මෙන් දෙගුණයක් දුර ගමන් කර ඇති නිසයි.එම ගමනට ගත වූ මුළු කාලය,අප ප්‍රස්ථාරය සලකුණු කිරීමෙන් ලබාගත්  කාලයයි.
දැන් වේගය = දුර / කාලය යන සරල සූත්‍රයෙන් ශබ්දයේ වේගය සොයා ගත හැකියි.