vidusara gedara vidyagaraya

vidusara gedara vidyagaraya
විදුසර ගෙදර විද්‍යාගාරය විශේෂාංයේ පලවන ලිපි වැඩිදුරටත් කියවන්න.
gedaravidyagaraya.blogspot.com

Wednesday, January 27, 2016

ආදර්ශ සරල ස්පීකරයක්



අද ලිපියෙන් විස්තර කෙරෙන්නේ ස්පීකරයක් සරල අයුරින් සාදා ගන්නා  ආකාරයයි.සැබෑ ලෙසටම ගීත ශ්‍රවණය කිරීමත් ස්පීකරයක් ක්‍රියා කරන ආකාරය පිලිබඳ අවබොධයක ලැබීමටත් මේ ක්‍රියාකාරකම ඔබට ඉවහල් වනවා නොඅනුමානයි.  ස්පීකරයක් ක්‍රියා කරන අකාරය පිලිබඳ අධ්‍යනය කිරීමට  මෙමඟින් හැකි වේ.
 ස්පීකරයක් වූවද ක්‍රියාකරන්නේ බෙරයක් ආකාරයට පටලයක් කම්පනය කිරීමෙන්. ස්පීකරයේ ඇති තඹ දඟරය දිගේ විදුලිය ගමන් කරන විට එය තාවකාලික චුම්බකයක් බවට පත් වනවා.(A රූපය බලන්න.)එවිට තඹ දඟරය ස්පීකරයේ ස්ථිර චුම්බකයට ආකර්ෂණය හෝ විකර්ෂණය වන අතර එලෙස ඇති වන කම්පන මඟින් ස්පීකරයේ පටලය කම්පනයවී ශබ්දය උපදිනවා.

අවශ්‍ය ද්‍රව්‍ය
·         මාස්කින් ටේප් රෝලක්
·       40 SWG සිහින් තඹ කම්බි මීටර 2 ක් (මිලිමීටර කාලක්  පමණ විෂ්කම්භය සහිත)
·         3.5mm Audio jack එකක් (පරණ headset එකකින් අරගන්න)
·         හොඳ කාන්දම් කැබැල්ලක්
·         සිහින් වයර් මීටරයක්  පමණ


1. පළමුව 15cm පමණ ටේප් කැබලි 3 ක් කපා ගන්න.ඉන්පසුව 1-රූපයේ ආකාරයට ටේප් එකේ ඇලවෙන පැත්ත උඩට සිටින ලෙස ඒවා එකිනෙක අලවා ගන්න. (ඇලවෙනසුළු තනි "ටේප් කඩදාසියක්" සකසා ගන්න.)








2.ඉන්පසු තඹ කම්බි කූර ගෙන 2-රූපයේ ආකාරයට මැදින් පටන් ගෙන සර්පිලයක හැඩයට ටේප් එක මත අලවා ගන්න(හැකි තරම් කුඩාවට සර්පිලය සකසා ගන්න). පසුව සර්පිලයේ දෙකෙළවරින් කම්බිය මඳක් ඉවතට ගන්න.





3.එම ඉවතට ගත් කෙලවර දෙකට වයර් කැබලි දෙකක් අමුණා ගන්න.ඉන්පසු එම වයර් දෙක audio ජැක් එකට අමුණා ගන්න.


4.audio ජැක් එක රේඩියෝවට සම්බන්ධ කරන්න.සර්පිලය සිරස්ව සිටින ලෙසට රඳවා  කාන්දම තරමක් දුරින් (1-2 cm) තබාගන්න.ඉන්පසු රේඩියෝව ක්‍රියාත්මක කර බලන්න.

සැ .යු - රේඩියෝවේ ශබ්දය අධික ලෙස වැඩි නොකරන්න.(රේඩියෝවට හානි විය හැක.)ශබ්දය නිසි ලෙස ඇහෙන්නේ නැති නම් ප්‍රබල කාන්දමක් භාවිතා කරන්න. ජංගම  දුරකථන වලට සම්බන්ධ කිරීමෙන් වලකින්න.