vidusara gedara vidyagaraya

vidusara gedara vidyagaraya
විදුසර ගෙදර විද්‍යාගාරය විශේෂාංයේ පලවන ලිපි වැඩිදුරටත් කියවන්න.
gedaravidyagaraya.blogspot.com

Wednesday, March 30, 2016

විදුලි උත්පාදකයක් හදමු



සාමාන්‍යයෙන් විදුලි උත්පාදකයක් හෙවත් ජෙනරේටරයක් කියන්නේ ඉන්ධනවල  අන්තර්ගත රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන සංකීර්ණ යන්ත්‍රයක්.එහෙත් අද ලිපියෙන් විස්තර කෙරෙන්නේ එතරම් සංකීර්ණ නොවන, අතින් කරකවා ක්‍රියාත්මක කල හැකි කුඩා ජෙනරේටරයක් සාදා ගන්න ආකාරයයි.
චුම්භක ක්ෂේත්‍රයක් හා  සන්නායකයක් අතර එකිනෙකට සාපේක්ෂ චලනයක්  ඇති විට චුම්භක බල රේඛා ඡේදනය වීම නිසා එම සන්නායකය දෙකෙළවර වෝල්ටීයතාවක් වනවා.මෙම චලනය භ්‍රමනයක් ලෙස අඛණ්ඩව සිදු වන විට මෙමඟින් විද්‍යුත් ධාරාවක් උත්පාදනය කල හැකියි.

අවශ්‍ය කරන දේ

1.ගේජ්(Gauge) එක 25SWG ක් පමණ වූ තඹ කම්බි මීටර 100ක් පමණ.(විදුලි භාණ්ඩ අලුත්වැඩියා කරන තැනකින් ගන්න පුළුවන්.)
2.අඟල් 3ක් පමණ දිග කාන්දමක්
4.ටෝච් බල්බයක්
3.අඟල් 3 1/2ක් පමණ විෂ්කම්භය සහිත අඟල් 4 ක් පමණ දිග කාඩ්බෝඩ් හෝ PVC බට කැබැල්ලක්
4.සමාන බෝල් පොයින්ට් පෑන් දෙකක බඳ කොටස් දෙකක්
5.අඩි 2ක් පමණ දිග අඟල් 4ක් පමණ පළල සවිමත් කාඩ්බෝඩ් කාඩ්බෝඩ් කැබැල්ලක් හෝ ලෑලි කැබැල්ලක්.
6.ගම් (සුපර් ග්ලූ)

1.මුලින්ම විදුලි උත්පාදකයේ බඳ කොටස සාදා ගන්න වෙනවා.ඒ සඳහා 1-රූපයේ දක්වා  බඳ කොටසයි.එය ඉහත සඳහන් කල ලී කැබැල්ලෙන් හෝ කාඩ්බෝඩ් කැබැල්ලෙන් සාදා ගත හැකියි.රූපයේ මිනුම් දක්වා ඇත්තේ ඔබට දළ අදහසක් ලබා ගැනීමට නිසා එම මිනුම් තරමක් වෙනස් වුනාට කමක් නැහැ.

2.සාදා ගත් බඳ  2-රූපයේ පරිදි කොටසේ සිරස්ව සවි කර ඇති කාඩ්බෝඩ් හෝ ලී  කැබලි දෙකේ එකිනෙක රේඛීයව පිහිටන පරිදි සිදුරු දෙකක් විද ගන්න.

3.දැන් පෑන් බට දෙක ගෙන 3-රූපයේ දැක්වෙන පරිදි පෑන් බට දෙක සිදුරු තුලින් යවා,පෑන් බට දෙක මැදින් කාන්දම අලවා ගන්න.(මෙම සිදුරු තුල පෑන් බටය නිදහසේ කරකැවිය යුතුයි.)

4.මින්පසු බටය ගෙන සිරස් අතට පලා 4- රූපයේ ආකාරයට කාන්දම සහිත පෑන් බට,PVC බටය මැද සිටින සේ සවි කරන්න.මෙම බටය දෙපැත්තෙන් ඇති කාඩ්බෝඩ් අධාරක දෙකට තදින් සවි විය යුතුයි.

5.ආරම්භක කෙලවර එලියට සිටින පරිදි තඹ කම්බි මීටර සියය PVC බටය වටා ඒකාකාරීව ඔතා ගන්න.

6.අවසානයේ තඹ කම්බි දෙකෙලවරවල් බල්බයට සම්බන්ධ කර, පෑන් බටය ඇඟිලි වලින් කරකවන්න.